අද විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙහිදී ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් අමතර රුපියල් කෝටි 50,000 මුදලක් වෙන් කර ගැනීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එම පරිපූරක ඇස්තමේන්තු විවාදයකින් අනතුරුව හෙට සම්මත කර ගැනීමට නියමිතයි.
මෙම පරිපූරක ඇස්තමේන්තුවට කැබිනට් මණ්ඩලයේ සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ද අනුමැතිය පසුගියදා හිමි වුණා.
මේ අතර කාලගුණ ආපදා සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ද අද පස්වරු 5.30 දක්වා පැවැත්වෙනවා.
මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ ආණ්ඩු පක්ෂය විසින්.

