අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ දෙසැම්බර් මස දීමනාව බැංකුගත කර තිබෙනවා.
ඒ අනුව හෙට (18) සිට අස්වැසුම බැංකු ගිණුමෙන් වැඩිහිටි දීමනාව අදාළ ප්‍රතිලාභීන්ට ලබාගත හැක බවයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරන්නේ.
පසුගිය ඔක්තෝබර් මසදී වැඩිහිටියන් 616,346කට මෙම දීමනාව හිමි වූ අතර, ඒ සඳහා රජය 3,081,730,000 (බිලියන 3කට වැඩි)ක මුදලක් වෙන්කර ඇත.

