එක්සත් ජනපද සංචාරක තහනම තවත් පුළුල් කිරීමට එරට ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඇමරිකාවට ඇතුල් වීම තහනම් ලැයිස්තුවට තවත් රටවල් පහක් සහ පලස්තීන අධිකාරිය විසින් නිකුත් කරන ලද ලියකියවිලි මත ගමන් කරන පුද්ගලයින් ඇතුළත් කර තිබෙනවා.
එක්සත් ජනපදයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය සඳහන් කර ඇත්තේ.
මෙම නව තහනම ලබන ජනවාරි 01 සිට බලාත්මක වනු ඇත.
මින් පෙර අර්ධ සීමාවන්ට යටත් වූ ලාඕසය සහ සියෙරා ලියොන් ද සම්පූර්ණ තහනම් ලැයිස්තුවට ගෙන ගොස් ඇති අතර නයිජීරියාව, ටැන්සානියාව සහ සිම්බාබ්වේ ඇතුළු තවත් රටවල් 15 කට අර්ධ සීමාවන් පනවා ඇත.
සම්පූර්ණ සීමාවන් සහිත රටවල්:
ඇෆ්ගනිස්ථානය
බර්කිනා ෆාසෝ
බුරුමය
චැඩ්
සමක ගිනියාව
එරිත්රියාව
හයිටි
ඉරානය
ලාඕසය
ලිබියාව
මාලි
නයිජර්
කොංගෝ ජනරජය
සියෙරා ලියොන්
සෝමාලියාව
දකුණු සුඩානය
සුඩානය
සිරියාව
යේමනය
පලස්තීන අධිකාරියේ සංචාරක ලියකියවිලි නිකුත් කරන ලද හෝ අනුමත කරන ලද පුද්ගලයින්ට ද ඇතුල්වීම සම්පූර්ණයෙන් අත්හිටුවීමට යටත් වේ
අර්ධ සීමා කිරීම්:
ඇන්ගෝලාව
ඇන්ටිගුවා සහ බාබුඩා
බෙනින්
බුරුන්ඩි
කෝට් ඩි අයිවෝර්
කියුබාව
ඩොමිනිකා
ගැබොන්
ගැම්බියාව
මලාවි
මොරිටේනියාව
නයිජීරියාව
සෙනෙගල්
ටැන්සානියාව
ටෝගෝ
ටොංගා
වෙනිසියුලාව
සැම්බියාව
සිම්බාබ්වේ

