‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශ වූ පොල් ගස් වෙනුවෙන් ගොවීන්ට පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් සහ පොල් පැළ ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
මෙම ආපදාව හේතුවෙන් පොල් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි පැවසුවේ.
ඒ අනුව වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙස මහජනතාවගෙන් ඔහු ඉල්ලා සිටිනවා.
මේ අතර දැඩි වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා කිලිනොච්චියේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩලයේ බීජ පොල් තවානේ විශාල පොල් පැළ සංඛ්‍යාවක් ජලයෙන් යට වී විනාශ වූ බවද ඔහු පවසනවා.
නායයෑම් සහ ගංවතුරෙන් විනාශ වූ ගස් වෙනුවට අනාගතයේදී නව පොල් පැළ නැවත සිටුවීමට සැලසුම් කර ඇති බවයි ආචාර්ය ජයකොඩි වැඩිදුරටත් පැවසුවේ.
පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ සුළි කුණාටුව සහ ගංවතුර හේතුවෙන් පොල් ආශ්රිත කර්මාන්තවලට සිදු වූ හානිය දළ වශයෙන් රුපියල් මිලියන 1,576 ක් ලෙස ගණන් බලා ඇති බවයි.

