උත්සව සමය වෙනුවෙන් රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

රාජ්‍ය නිලධාරීන්ට උත්සව සමය වෙනුවෙන් රුපියල් 4000කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්.ආලෝකබණ්ඩාර මහතා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ උත්සව සමය වෙනුවෙන් සෑම වසරකම රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම අත්තිකාරම් මුදල් ලබාදී සිදුවන බවයි.

රුපියල් 4000කට නොවැඩි මෙම අත්තිකාරම් ගෙවීම සෑම වර්ෂයකම ජනවාරි මස පළමුවන දිනෙන් ආරම්භ කර එම වර්ෂයේ පෙබරවාරි මස අවසාන දිනයෙන් අවසන් කළ යුතු වනවා.

සියයට 8ක වාර්ෂික පොලියක් සහිතව, සමාන මාසික කොටස් දහයකින් මෙම අත්තිකාරම් මුදල අය කරගත යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා.