ගංවතුරට හසුව කිකිළියන් විශාල ප්රමාණයක් මියයාම හේතුවෙන් ඉදිරියේදී බිත්තර හිඟයක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා.
මේ අතර දැනටමත් බිත්තර මිල ඉහළ ගොස් ඇති බවයි පාරිහෝගිකයින් පවසන්නේ. ඒ අනුව ඇතැම් ප්රදේශවල බිත්තරයක මිල රුපියල් 40 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
එම තත්ත්වය මත උත්සව සමයේ කේක් නිෂ්පාදනයට ද බලපෑම් එල්ලවිය හැකි බවයි ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එන්.කේ. ජයවර්ධන කියා සිටියේ.

