මෙවර සිරිපා වන්දනා සමය අදින් (04) ආරම්භ වනවා.
ඊයේ (03) දින උදෑසන පැල්මඩුල්ල ගල් පොත්තාවෙල රජමහාවිහාරයේ සිට සධාතුක කරඬු, සමන් දෙවි ප්රතිමාවහන්සේලා සහ පූජා භාණ්ඩ රැගත් පෙරහැර රත්නපුර ශ්රී පලාබද්දල, රත්නපුර අවිස්සාවේල්ල හැටන්, රත්නපුර කුරුවිට එරත්න, බලංගොඩ යන මාර්ග හතර ඔස්සේ ශ්රී පාදස්ථානය කරා වැඩම කරවීම ආරම්භ කෙරුණා.
සිරිපා වන්දනා සමය ලබන වසරේ වෙසක් පොහොය දිනය දක්වා ක්රියාත්මක වනවා.

