උඳුවප් පුන් පොහෝ දිනය අදයි

මේ වසරේ අවසාන පොහෝ දිනය වන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදි තිබෙනවා.

ශාසනික හා ඓතිහාසික වැදගත් සිදුවීම් රැසක් සිදුවුණු මේ පොහෝ දිනය ශ්‍රී ලාංකිකයන් වන අපට කරුණු කිහිපයක් නිසාම වැදගත් වනවා.

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග තවත් භික්ෂූණීන් 11 නමක් එදින ලංකාවට වැඩම කළ අතර අනුලා දේවිය ඇතුළු තවත් කාන්තාවන් 500ක් මහණ කරවීමෙන් මෙරට මෙහෙණි සසුන පිහිටුවීම ද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ දී සිදුව ඇත.

එසේම බුදුරජාණනන් වහන්සේගේ ශ්‍රී පාදය සලකුණු කොට ඇති ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේ ද අද වන් වූ උඳුවප් පොහෝ දිනයකින් වනවා.