දෙසැම්බර් මාසයේදී ලාෆ් ගෑස් මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ අධ්යක්ෂ නිරෝෂන් පීරිස් පවසනවා.
රටතුළ පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම මාසය තුළ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකිරීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව 12.5kg ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් ලෙස සහ 5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලරු පියල් 1,645ක් ලෙස පවතිනු ඇත.

