වර්ෂාවත් සමඟ මී උණ ව්‍යාප්ත වීමේ අවධානමක්

පවතින වර්ෂාවත් සමග මී උණ ව්‍යාප්තවීමේ අවධානම ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා මහජන පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් ජලය එක්රැස්වන හා කුඹුරුවල වැඩකටයුතු සිදු කිරිමේදී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙස එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ ය.

එසේම පවතින වර්ෂා සහිත කාලගුණයත් සමඟ ජල පරිභෝජනයේදී සැලකිලිමත් වන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.