රුපියල අද ඉහළට

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (24) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 304.27 සිට රු. 304.10 දක්වා අඩු වී තිබෙනවා.

එසේම, ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රු. 311.83 සිට රු. 311.64 දක්වා අඩු වී තිබෙනවා.