කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (19) ඒකක 21.80කින් (0.09%) පහත වැටී තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 23,029.86ක් ලෙසයි සටහන් වුණේ.

අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.8ක් ලෙස දැක්වුනා.