ඊයේ දිනයට සාපේක්ෂව අද (18) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 303.15 සිට රුපියල් 303.32 දක්වා ඉහළ ගොස් තිබෙනවා .
එසේම ශ්රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රුපියල් 310.85 සිට රුපියල් 311 දක්වා ඉහළ ගොස් තිබේ.

