නව මැතිවරණ කොමසාරිස් වැඩ භාරගනී

නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් අද (14) සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් ධූරයේ කටයුතු කළ සමන් ශ්‍රී රත්නායක ඊයේ (13) එම ධුරයෙන් සහ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමග පුරප්පාඩු වූ ධුරයේ ඔහු මෙලෙස වැඩ භාර ගනු ලැබුවා.

රසික පිරීස් මීට පෙර අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළා.