කියෙව් වෙත එල්ල වූ රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර රැල්ලකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.
එසේම අවම වශයෙන් තවත් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි යුක්රේන නිලධාරීන් සඳහන් කරන්නේ.
මෙම ප්‍රහාර හේතුවෙන් නගරය පුරා නේවාසික ගොඩනැගිලිවල පිපිරීම් සහ ගිනිගැනීම් ඇති වූ බවයි එහි නගරාධිපති සඳහන් කළේ.
එසේම ප්‍රහාරයෙන් කියෙව්හි බලශක්ති යටිතල පහසුකම් ද හානි වී තිබෙනවා.
රුසියානු හමුදා විසින් කියෙව් වලට අමතරව රට පුරා තවත් කලාප කිහිපයක් ද ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඩෙස්නායන්ස්කි දිස්ත්‍රික්කයේ නේවාසික ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 14 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් බේරාගෙන ඇත.

