ඔක්තෝබර් විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 700 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා.

2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 6.52ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය පසුගිය වසරේ එම කාලයට වඩා 20.1%ක වැඩි වීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.