” මේ ලිංගය මගේ ය, වෙන කාටවත් මෙයින් තෘප්තියක් ලබා ගත නොහැක” – Sexual jealousy

අපි කෙනෙක් එක්ක romantic relationship එකක් හෝ sexual relationship එකක් පවත්වා ගෙන යනකොට බොහෝ විට අපිට මාගේය, මගේ විතරමය කියන හැගීම එනවා. තමන්ගේ partner එක්ක තමන් විතරක් සංවාසය සිදු කළ යුතුයි යන Possessive හැගීම සරලව sexual jealousy ලෙස හඳුන්වන්න පුළුවන්.

පරිනාමිකව ගත්තොත් පිරිමින්ගේ mind හැදිලා තියෙන්නේ ආරක්ෂාව සහ අයිති කර ගැනීම සඳහා. ආදී කාලයේ විවාහය කියලා සංකල්පයක් තිබුණේ නැති වුණත්, තමන් සංවාසය කළ ස්ත්‍රිය ට වෙන කෙනෙක් ලං වෙනවා කියන එක පිරිමි දැක්කේ තමන්ගේ ආධිපත්‍යයට challenge කිරීමක් විදිහට. මේක සරලව sexual jealousy කියලා හඳුන්වන්න පුළුවන්.

මේක පොදුවේ ගැහැණු හා පිරිමි දෙපාර්ශවයටම තියෙනවා, ඒත් ඒක පිටිපස්සේ තියෙන හේතුව දෙපාර්ශ්වයට වෙනස්. ගැහැණු අයට බොහෝ විට මේ jealousy එක ඇති වෙන්නේ තමන් ලබන ආදරය හුවමාරු කර ගන්න වෙයි, තමන් සහ තමන්ගේ දරුවාට තියෙන ආරක්ෂාව අහිමි වෙයි කියන මානසික බන්ධය හේතුවෙන්. පිරිමි අය තමන්ගේ ආධිපත්‍යයට බාධා කිරීම නිසා සහ ජනිතයා තමන්ගේ බව තහවුරු කර ගැනීම උදෙසාත් තමයි තමන්ගේ ස්ත්‍රිය වෙන කෙනෙක් එක්ක සංවාසයේ යෙදෙන එක පිළි නොගන්නේ.

සිංහයන් ගත්තොත් එකේ pride එකක් කියන්නේ සිංහ ධේනුවන් ඉන්න කණ්ඩායමක්, ඒ කණ්ඩායමේ ආරක්ෂාව සහ සහවාසය සඳහා සිංහයන් එකක් හෝ හතරක් දක්වා වූ කුඩා කණ්ඩායමක් ඉන්නවා. එක Coalition විදිහට හඳුන්වනවා. මෙහි සිංහයන් කිහිපදෙනෙක් ඉන්නවා නම් එයි alpha ලෙස වූ ප්‍රධාන සිංහයෙක් ඉන්නවා. සංවාසය සඳහා ගැහැණු සතුන් තෝරා ගැනීමේ දී මේ සිංහයාට වැඩි ඉඩක් ලැබෙනවා, මේ සිංහයන් පිටස්තර සිංහයන් තම pride එකේ සිටින ධේනුවන් ට ලං වෙන්න ඉඩ දෙන්නේ නැහැ, යම් පිටස්තර සිංහයෙක්ට මේ pride එක යටත් කර ගන්න නම් මේ සිංහ කණ්ඩායම එක්ක සටන් කරන්න වෙනවා, බොහෝ විට මේ සටන් කෙළවර වෙන්නේ මරණයෙන්. ඔවුන් තමන්ගේ ගැහැණු සතුන් වෙනුවෙන්, ඔවුන්ට තමන්ගේ ආධිපත්‍යය යටතේ තබා ගැනීම වෙනුවෙන් මරණය දක්වා සටන් කරන්න සූදානම්. ඒ වගේම තමන්ට දාව ලැබෙන පිරිමි පැටවුන්ව ඔවුන් යොවුන් වියට පත් වීමත් සමඟ මේ සිංහයන් විසින් රැලෙන් එලවා දමනවා, හේතුව තමයි ඔවුන් තමන්ගේ pride එකේ අය සමඟ සංවාසය කිරීම වැළැක්වීම සඳහා. කොහොම වුනත් සිංහයන් තමන්ගෙන් ජනිත වුණ පැටවුන් මරා දමන්නේ නෑ. මේ හේතුවෙන් තමන්ගේ පැටවුන් ආරක්ෂා කර ගැනීම සඳහා වැඩි සිංහයන් පිරිසක් සමඟ ලිංගිකව එක් වෙන්න සිංහ ධේනුව පෙලඹෙනවා. පැටවාගේ පීතෘත්වය තහවුරු කර ගැනීම සඳහා සිංහයන් පැය 24ක දී වාර 50ක් වගේ කාලයක් ලිංගික එක්වීම කරනවා. ඒ වගේම තමන් සංවාසය කල ඒ ගැහැණු සත්ත්වයාට වෙන පිරිමි සතෙක් ළං නොවන විදිහට ඇය ව ආරක්ෂා කරනවා.

සිංහ කණ්ඩායමක් විසින් තවත් සිංහ කණ්ඩායමක් පරාජයට පත් කර pride එකක් යටත් කර ගත් විටත් එහි සිටින සිංහ පැටවුන් මරා දමනවා. ඒ ඔවුන් තමාගේ ජාන නොවීම සහ තමන්ගේ ගැහැණු සතුන්ගේ ආධිපත්‍යයට තර්ජනයක් වීම හේතුවෙන්

මානව සමාජයේ බහු භාර්යා විවාහය කියන එක අතීතයේ ඉඳන් ම පිළිගත්ත concept එකක් වුණත් බහු පුරුෂ විවාහය කියන එක සමාජය පිලි ගෙන නැහැ. ඒ උපදින ජනිතයා කාගේ ද යන ගැටලුව මතු වීම හේතුවෙන්.

Sexual jealosy පිටිපස්සේ තියෙන සරල psychological concept එක තමයි පුරුෂයන්ට අවශ්‍ය තමන්ගේ ආධිපත්‍යය තමන්ගේ පවුල තුළ තහවුරු කර ගන්න. ස්ත්‍රීන්ට ඕනේ තමන්ට ලැබෙන ආදරය රැකවරණය තව කෙනෙක් එක්ක බෙදා නොගෙන ඉන්න.

Sexual Jealousy කියන එක පොදුවේ මිනිසුන් සහ සතුන් හැමෝටම තියෙන සාමාන්‍ය තත්ත්වයක්. මේක ටිකක් අසාමාන්‍ය තත්ත්වයට පත් වෙන අවස්ථා පවා තියෙනවා.

හිතින් පවා ගත් මායා දැනීම් හේතුවෙන් දරුණු විදිහට තම සහකාරයා හෝ සහකාරිය සැක කිරීම, නිරන්තරයෙන් ඒ තැනැත්තා ගැන අධිකව සොයා බැලීම, සාක්ෂි රහිත පදනම් විරහිත චෝදනා එල්ල කිරීම වගේ ලක්ෂණ තියෙනවා නම් එක සාමාන්‍ය තත්ත්වයෙන් එහාට ගිහින් මානසික අකාර්යමතාවයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා.

මේ තත්ත්වය මනෝවිද්‍යාවේ දී Morbid Jealousy එහෙමත් නැත්නම් Othello Syndrome ලෙස හඳුන්වනවා. මේ තත්ත්වයක් ඇති වුණොත් පළපුරුදු මනෝ විද්‍යා උපදේශකයෙක් ලඟට යෑම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වුණු විනාශකාරී ප්‍රතිඵල ඇති කරන්න පුළුවන් disorder එකක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්.

M. A. Liyanage

B.Sc. (Hons) in Psychology (UG)