මහනුවර ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය යළිත් වරක් ප්රදීප් නිලංග දෑල මහතාට හිමිවී තිබෙනවා.
මහනුවර ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම අද(07) පස්වරුවේ මහනුවර බෞද්ධ මණ්ඩයේ දී පැවැත්විණි.
එහිදී ප්රදීප් නිලංග දෑල මහතා ඡන්ද 195ක් ලබා ගනිමින් තුන්වන වරටත් දියවඩන නිලමේවරයා ලෙස තේරී පත්ව ඇත.


