ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සමගාමීව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව රුපියල් 299ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 294.00ක් වනවා.
එසේම රුපියල් 313ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල ද රු.5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 318.00කි.
රුපියල් 335ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක සහ රුපියල් 277ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල සංශෝධනය වී නැහැ.
එමෙන්ම රුපියල් 180ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිලෙහි ද කිසිදු වෙනසක් සිදුව නොමැත.

