අද සිට නොමිලේ ෂොපිං බෑග් නැහැ

ෂොපිං බෑග් නොමිලේ ලබාදීම අද සිට තහනම් වනවා.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මෙම පොලිතීන් මලු‍ සඳහා සාධාරණ මිලක් වෙළෙඳුන් විසින් අයකර ගතයුතු වනවා.

එසේම එම මුදල බිල්පතෙහි ප්‍රදර්ශනය කළ යුතු බවත් එම නිවේදනයේ දැක්වෙනවා.