ලබන වසරේ ආර්ථිකයේ 3.1%ක වර්ධනයක් IMF පුරෝකථනය කරයි

පෙර වසරවලට සාපේක්‍ෂව ලබන වසරේදී මෙරට ආර්ථිකයේ ප්‍රකෘතියක් අපේක්ෂා කළ හැකි බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

ඒ අනුව, ලබන වසරේදී මෙරට ආර්ථිකය 3.1% ක් දක්වා වර්ධනය විය හැකි බවයි එම අරමුදල පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් කලාපයේ ආර්ථික දැක්ම පිළිබඳව වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ තෝමස් හෙබ්ලින් සඳහන් කළේ පසුගිය වසරේ මෙරට ආර්ථික වර්ධනය 5% ක් වූ බවයි.

එසේම මෙම වසරේ පළමු අර්ධයේදී එම වර්ධනය 4.8% ක අගයක් ගත් බව ද ඔහු සඳහන් කළා.