Samsung විසින් Google හි නව Android XR වේදිකාවෙන් බලගන්වන ලද ඔවුන්ගේ නවතම අධිතාක්ෂණික උපාංගය වන Galaxy XR පසුගිය දා වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා.
මෙය mixed reality (MR) headset එකක් ලෙස හැඳිවෙන අතර මෙහි virtual සහ augmented reality යන අංග දෙකම යොදා ගෙන තිබීම විශේෂත්වයක්.
Apple හි Vision Pro සඳහා තරඟකාරීත්වයක් සඳහායි මෙය වෙළඳපොළට නිකුත් කර ඇත්තේ.
Google සහ Qualcomm සමඟ සම-සංවර්ධනය කරන ලද මෙය දෛනික භාවිතය, විනෝදාස්වාදය සහ ඵලදායිතාව සඳහා නිර්මාණය කර ඇති Android XR ඇතුළත් පළමු උපාංගය වනවා.
3,552 x 3,840 විභේදනයක් (resolution) සහිත ද්විත්ව 4K ක්ෂුද්ර-OLED තිරයකින් ( dual 4K micro-OLED display) මෙය සමන්විත වේ.
මෙහි බර ග්රෑම් 500 ට වඩා අඩු වීම හේතුවෙන් දීර්ඝ වෙලාවක් අපහසුවකින් තොරව පැළඳ සිටිය හැක.
මෙහි Google Gemini ඇතුළත් කර තිබීම හේතුවෙන් voice, gestures, eye-tracking, සහ vision හරහා උපාංගය control කිරීමේ හැකියාව තිබෙනවා.
මෙහි storage එක 256GB සිට ඉහළට ඇත.
256GB Wi-Fi මාදිලිය සඳහා ඩොලර් 1,799.99ක මිලක් යොදා ඇති අතර controllers සහ වෙනත් උපාංග වෙනම මිල දී ගත යුතු වනවා.

