තායිලන්ත රජුගේ මව අභාවප්‍රාප්ත වෙයි

තායිලන්තයේ Vajiralongkorn රජුගේ මව වන Sirikit රැජින අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය මිය යන විට වයස අවුරුදු 93 ක් වූවා.

සිකුරාදා දේශීය වේලාවෙන් රාත්‍රී 21:21 ට පමණ බැංකොක් රෝහලකදී ඇය “සාමකාමීව” මිය ගිය බවයි තායිලන්තයේ රාජකීය ගෘහ කාර්යාංශය සඳහන් කළේ.

තායිලන්තයේ දීර්ඝතම කාලයක් රජකම් කළ Bhumibol Adulyadej රජු හා ඇය විවාහ වී සිටියා. රජු පසුගිය 2016 වසරේ දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සිරිකිත් රැජිනගේ දේහය බැංකොක්හි ග්‍රෑන්ඩ් මාළිගාවේ ඩුසිට් තෝර්න් ශාලාවේ තැන්පත් කර තිබෙන අතර ඇය වෙනුවෙන් රාජකීය අවමංගල්‍ය උත්සවයක් පවත්වන ලෙසට රජු නියෝග කර තිබෙනවා.

ඇය වෙනුවෙන් වසරක ශෝක කාලයක් රජු සහ රාජකීය පවුලේ සාමාජිකයන් ගත කිරීමට නියමිතයි.