කොළඹ 01 සිට 15 දක්වා සහ ප්රධාන නගර කිහිපයකට හෙට (23) දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට පෙරවරු 10.00 සිට එදින ප.ව.8.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් මණ්ඩලය දැනුම් දුන්නේ.
අඹතලේ ජල පවිත්රාගාරයට ජලය ලබාගන්නා ප්රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බැවින් අඹතලේ ජල පවිත්රාගාරය මඟින් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුවීම හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙනවා.
ඒ අනුව කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH,කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම හා බොරලැස්ගමුව යන ප්රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වේ.

