පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 03ක පුද්ගලයින් 500කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එසේම අයහපත් කාලගුණයෙන් සිදු වූ අනතුරුවලින් නිවාස 101කට අර්ධ හානි සිදුව ඇති අතර මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.
එමෙන්ම ගතවු පැය 12ක කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයට බලපෑ ක්ෂණික ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 73 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේය.
මේ අතර ගත වූ දින කිහිපයේ ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා ඇති ගංගා රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්යක්ෂ එල්.එස් සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ කැළණි, කළු සහ අත්තනගලු ඔය යන ගංගාවල ද ජල මට්ටම් ඉහළ යමින් පවතින බවය.
මේ අතර අද උදෑසන 6.00න් අවසන් වු පැය 12ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කඩුගන්නාව ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය මිලිමීටර් 169ක වර්ෂාපතනයක් ලෙසයි සටහන්ව ඇත්තේ.

