අද උල්කාපාත වර්ෂාවක්

මේ වසරේ දක්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් අද (20) රාත්‍රියේ දර්ශනය වීමට නියමිතයි.

මෙම උල්කාපාත වර්ෂාව ‘ඔරායනිඩ්’ (orionids) ලෙස නම් කර ඇත.

ඔරියන් තාරකා මණ්ඩලයේ ලක්ෂ්‍යයකින් විහිදෙන ලෙස දර්ශනය වීම නිසා මෙම උල්කාපාත වර්ෂාවට එම නම ලැබී තිබෙනවා.

තාරකා විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ අලුයම 3.00ත් 5.00ත් අතර අලුයම උදාවීමට පෙර කාලය තුළ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් නිරීක්ෂණය කළ හැකි බවය.

1P/Halley වල්ගාතරුවේ සුන්බුන් වලින් මෙම උල්කාපාත වර්ෂාව සෑදී තිබෙන්ව් .