වසරේ ගෙවුණු කාලය තුළ පමණක් මැලේරියා රෝගීන් 35 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය පවසනවා.
ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇත.
2016 වසරේ ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස නම් කෙරුණු අතර විදෙස් ගතව සිට පැමිණෙන පුද්ගලයින්ගෙන් මෙම රෝගය වාර්තා වන වී තිබෙනවා.
071 284 1767 යන දුරකතන අංකය ඔස්සේ මැලේරියා රෝගය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතින බවයි මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න මහත්මිය සඳහන් කළේ.

