දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අද

දිළිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදට (17) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වී ඇත්තේ “ආයතනික සහ සමාජීය වශයෙන් නොසලකා හැරීම් පිටු දැක ගෞරවය හා ඵලදායී සහය දිළිඳු පවුල් වෙත යොමු කිරීම” යන්නයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1992 වසරේදී ඔක්තෝබර් 17 වන දින නිල වශයෙන් මෙම දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

දිළිඳුකමින් පීඩා විඳින ජනතාවගේ ගැටළු පිළිබඳව අවධානය යොමු කිරීම සහ දිළිඳුකම තුරන් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීම මෙහි අරමුණ වනවා.

ලෝක බැංකු වාර්තා වලට අනුව ලොව දරිද්‍රතාවය වැඩිම කලාපය වනුයේ සහරා උප මහද්විපයයි. 2025 වන විට ගෝලීය අන්ත දුප්පතුන්ගෙන් හතරෙන් තුනකට (75%කට) වඩා වැඩි පිරිසක් මෙම කලාපයේ ජීවත් වන බවයි හඳුනා ගෙන ඇත්තේ.

එසේම නවතම දත්ත වල ට අනුව 2025 වසරේ අන්ත දරිද්‍රතා අනුපාතය 9.9% ක් පමණ වනවා.

COVID-19 වසංගතයේ බලපෑම, යුද්ධ සහ ගැටුම් හේතුවෙන් දරිද්‍රතාවය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ද දරිද්‍රතා ප්‍රතිශතය 2022 වසරේ සිදු වුණු ආර්ථික පසුබෑමත් සමඟ ඉහළ යනු ලැබුවා.