බ්‍රහස්පතින්දා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැවති දුරකථන ඇමතුමකදී “විශාල ප්‍රගතියක්” ලබා ගත් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
එහි දී ඔවුන් දෙදෙනා හංගේරියාවේදී මුහුණට මුහුණ සාකච්ඡා සඳහා එකඟ වී තිබෙනවා.
කෙසේවෙතත් එම හමුවීම පැවැත්වෙන දිනයක් ගැන තවම සඳහනක් නැහැ.
යුක්රේනය සමඟ යුද්ධය අවසන් වූ විට රුසියාව සහ එක්සත් ජනපදය අතර වෙළඳාම ගැන කතා කිරීමට බොහෝ වෙලාවක් ගත් බවයි ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.
අගෝස්තු මැද භාගයෙන් පසු පුටින් සමඟ පැවති පළමු ඇමතුම මෙය වීම විශේෂත්වයක් වනවා. එසේම ඇමරිකාව විසින් යුක්රෙනට Tomahawk දිගුදුර මිසයිල ලබා දීමට සිටින පසුබිමකයි මෙම දුරකථන සංවාදය සිදු වී ඇත්තේ.

