විශේෂ මෙහෙයුම්වල දී සැකකරුවන් 726දෙනෙකු අත්අඩංගුවට

දිවයින පුරා ඊයේ (11) සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී සැකකරුවන් 726දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි දී පුද්ගලයන් 2856ක් පරීක්ෂාවට ලක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන්නේ.

එහිදී අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන් 37 දෙනෙකු සෘජුවම හඳුනාගත්තා.

වරෙන්තු කරුවන් 292 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවුණ අතර අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 154ක්.

එසේම බීමත් රියදුරන් 29 දෙනෙකු මෙන්ම අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 39 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව

වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 4173 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.