වතු කම්කරුවන්ගේ දෛනික වැටුප පොරොන්දු වූ පරිදි වැඩි කරනවා
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සඳහා රජය පොරොන්දු වූ රුපියල් 1,700 ලබා දීමට රජය කැප වෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් අද (12) බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී පැවැති කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
“ලයිමේ සිටින්නේද මනුෂ්‍යයෝය. ඒ නිසා අපි කියනවා ඉඩමක් දෙනවා විතරක් නෙමෙයි වතු කම්කරුවන්ට අපි පොරොන්දු වෙච්ච ආකාරයට දෛනික වැටුප රුපියල් 1,700 දක්වා කොහොම හරි අරගෙන එනවා කියන පොරොන්දුව මම ඔබ තමුන්නාන්සේලාට දෙනවා. ඔබට මේ හැදෙන නිවස වර්ග අඩි 550කින් යුක්ත අංග සම්පූර්ණ නිවසක්.”

