පළමු මාස 08 තුළ කොළඹ වරායෙන් රුපියල් බිලියන 32.2ක ශුද්ධ ලාභයක්

වසරේ පළමු මාස 08 තුළ කොළඹ වරායෙන් රුපියල් බිලියන 32.2ක ශුද්ධ ලාභයක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

පසුගිය වසරේ පළමු මාස 08 තුළ උපයා ඇති ශුද්ධ ලාභය රුපියල් බිලියන 18. 9 ක් වනවා.

ඒ අනුව මේ වසරේ ලාභය ප්‍රතිශතයක් ලෙස 71%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

මේ අතර නැගෙනහිර පර්යන්තය සහ ජය බහාලු‍ම් පර්යන්තය වැනි ඉදිකිරීම් නිම වීමත් සමඟම ඉදිරියේ දී ධාරිතාව තවදුරටත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සදහන් කර ඇත්තේ.