දකුණු පිලිපීනයේ මින්ඩනාඕ කලාපයේ ඩාවෝ පෙරදිග හි මැනේ නගරයට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.6 ක් ලෙස සටහන් වී ඇති බවයි එරට භූ කම්පන විද්‍යා ඒජන්සිය සඳහන් කලේ.
මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති අතර අවට වෙරළබඩ ප්‍රදේශවල ජනතාවට උස් බිම්වලට ඉවත් වන ලෙස ඉල්ලිමක් කර තිබෙනවා.
සාමාන්‍ය වඩදිය බාදියට වඩා මීටර 03කට වැඩි රළ උසක් අපේක්ෂා කළ හැකි බවයි පිලිපීන ගිනිකඳු විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය එම අනතුරු ඇඟවීමේ සඳහන් කර ඇත්තේ.
එසේම ඉන්දුනීසියාවේ සහ පලාවු ප්‍රදේශවල මීටර් 1 ක් දක්වා ඉහළ යා හැකි සුනාමි රළ අපේක්ෂා කළ හැකි බවට දැනුම් දී තිබෙනවා.
පළමු සුනාමි රළ දේශීය වේලාවෙන් රාත්‍රී 11:43 ට පෙර පැමිණිය හැකි බවට පිලිපීන බලධාරීන් අනතුරු අඟවනවා.

