විදුලි ගාස්තු ගැන අවසන් තීරණය ලබන 14

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති ගාස්තු වැඩිවීම සම්බන්ධ අවසන් තීරණය ලබන 14 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

වසරේ අවසන් කාර්තුව සඳහා යෝජිත සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම ආරම්භ කර තිබූ මහජන අදහස් විමසීම මේ වන විට අවසන් වී තිබෙනවා.

එහි අවසන් සැසිය බස්නාහිර පළාතේ ඊයේ පැවැත්වුණා.