ඔක්තෝබර් මාසයේ මුල් දින හය තුළ සංචාරකයින් 34,046ක් මෙරටට පැමිණ තිබෙනවා.
ඒ අනුව දිනකට සාමාන්‍යයෙන් පැමිණීම් 5,299ක් බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) සඳහන් කරන්නේ.
පසුගිය වසරේ (2024) මුල් දින 06 තුළ වාර්තා වූ 25,965ට සාපේක්ෂව එය සියයට 14ක වාර්ෂික වර්ධනයක් වනවා.
ඔක්තෝබර් මාසය සඳහාවන සංචාරක ඉලක්කයවන 197,693 සපුරා ගැනීමට මෙය දායකත්වය දක්වන බවටයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.
මේ සමඟම වසරේ මේ දක්වා පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.75 ඉක්මවා තිබෙනවා.
වසරේ මෙතෙක් වැඩිම පැමිණීම් වාර්තා කළ රටවල් ලෙස ඉන්දියාව 386,030 (22%), එක්සත් රාජධානිය 164,093 (9%) සහ රුසියාව 123,414 (7%)ක් ලෙස දැක්වෙනවා.

