ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළට

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2025 සැප්තැම්බර් මාසය අවසානයේදී අමෙරිකානු ඩොලර් බිලියන 6.243ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත මේ බව වාර්තා සඳහන් කරනවා.

මෙය 2025 අගෝස්තු මාසයේදී වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 6.178ක අගය හා සැසඳීමේදී 1.1%ක වර්ධනයක් වනවා.