රන් අවුන්සයක මිල ඩොලර් 4,000 ඉක්මවයි

ගෝලීය රත්රන් වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඩොලර් 4,000 ඉක්මවා තිබෙනවා.

මෙය 1970 ගණන්වලින් පසු රත්රන් මිල සටහන් වුණු ඉහළම අගය ලෙසයි වාර්තා වෙන්නේ.

ලොව පුරා ආර්ථික හා දේශපාලන අවිනිශ්චිතතාවයන් හේතුවෙන් ආයෝජකයන් විසින් රත්රන් සුරක්ෂිත ආයෝජනයක් ලෙස සලකමින් රත්රන් මිල දී ගැනීම හේතුවෙන් මෙලෙස රත්රන් මිල ශීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.