මෙම වසරේ ගත වූ කාලය තුළ විදෙස් සංචාරකයින් 1,725,494ක් දිවයිනට පැමිණ තිබෙනවා.
ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබෙනවා
එලෙස ඉන්දියාවෙන් ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ පමණක් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 375,292ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
මීට අමතරව චීනය, ජර්මනිය, ඕස්ටේ්‍රලියාව, හා ප්‍රංශය යන රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ තිබෙනවා.

