පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ දෙවන විශාලතම නගරය වන Lae අසල ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

රික්ටර් මාපක 6.6ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 10 ක් පමණ අභ්‍යන්තරයෙන්  හටගෙන ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් සිදු කර නොමැත.

එසේම සිදු වූ හානි ගැන ද වාර්තා නොවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පැපුවා නිව්ගිනියාව පැසිෆික් සාගරයේ “ගිනි වළල්ල” හරහා ගමන් කරන අතර එය නිතර භූමිකම්පා සඳහා ප්‍රසිද්ධ කලාපයක් වනවා.