සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් එකඟ වෙයි

දැනට ඉතිරිව රඳවා ගෙන සිටින සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය එකඟ වී තිබෙනවා.

ඇමරිකානු ජනපති ඩොලන්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද සාම සැලසුමේ එක් කොන්දේසියක් ලෙස එය සඳහන්ව තිබෙනවා.

කෙසේවෙතත් එම සැලසුමේ දක්වා ඇති අනෙකුත් කරුණු සම්බන්ධයෙන් වූ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙනවා.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලැස්මේ පළමු අදියරය වහාම ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවා.

සමාජ මාධ්‍ය සටහනක ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ දෙපාර්ශවය අතර කල්පවත්නා සාමයකට දෙපාර්ශ්වයම සූදානම් විය යුතු බවත්, ඊශ්‍රායලය විසින් ගාසාවට බෝම්බ දැමීම නතර කළ යුතු බවට තමන් විශ්වාස කරන බවත් ය.