දිවයින පුරා ව්‍යාප්ත වී ඇති හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහජනතාවට සෘජුව තොරතුරු දැනුම් දීම සඳහා පොලිස් මූලස්ථානය විසින් තවත් දුරකථන අංක සමූහයක් හඳුන්වා දී තිබෙනවා.
මීට පෙර, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ දුරකථන අංක මාධ්‍ය වෙත නිකුත් කර තිබූනා.
දැන් එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ සිටින දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ දුරකථන අංක වෙතද මහජනතාවට තොරතුරු ලබා දීමේ හැකියාව පවතින්වා.
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා පුරවැසියන් වශයෙන් මහජනතාව ලබා දෙන සහාය ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉතා අගය කරනු ලබන බවත්, එසේ ලබා දෙන්නා වූ සියලු තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දැනුම් දෙනවා.





