The Life of a Showgirl: Taylor Swift ගේ අලුත්ම ඇල්බමය එළි දැක්වෙයි

Taylor Swift ගේ 12 වන ඇල්බමය වන The Life of a Showgirl මේ වන විට ලොව පුරා ප්‍රේක්ෂකයන්ට එළිදක්වා තිබෙනවා.

මෙම ඇල්බමය ප්‍රධාන වශයෙන් Swift විසින් නිෂ්පාදනය කර ඇති අතර Max Martin සහ Shellback යන අය ද එහි සමනිර්මාතෘන් වනවා.

විනාඩි 45ක් වැනි කාලයක දිවෙන ගීත 12ක් මෙම ඇල්බමයට ඇතුලත් වනවා.

එම ගීත අතරට The Fate of Ophelia, Elizabeth Taylor, Wood, Eldest Daughter, Cancelled, Actually Romantic, Wi$h Li$t, Sympathy Is a Knife, ඇතුලත් වනවා.

Spotify, Apple Music, Amazon Music, YouTube වෙතින් දැන් මේ ඇල්බමය පරිශීලකයන්ට ඇසිය හැක.