දිස්ත්‍රික්ක නවයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අද (03) රාත්‍රී 11 දක්වා වලංගු වනවා.

උතුරුමැද, නැගෙනහිර, ඌව පළාත් සහ වවුනියාව, මුලතිව් දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි එම නිවේදනයේ දක්වා තිබෙන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති වීමේ අවදානමක් ඇත.

අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දෙයි.