මේ සරල කේක් එකේ රසය ගන්නේ ඔරේන්ජ් කෝඩියල් එකකින්. එතනදී සාරවත් දොඩම් රසයක් ඇති කෝඩියල් එකක් අපි පාවිච්චි කරන්න ඕන. අපි සාමාන්‍යයෙන් ඒ සඳහා ගන්නේ සන්කුවික් ජමනාරං කෝඩියල් එකයි. එහි රසය ටී කේක් එකකට හොඳින්ම එනවා.
මේ වගේ ටී කේක් එකක දොඩම් රසය එන්න ඕන කනකොටයි. කේක් කෑල්ලක් කනකොට ඒක අස්සෙන් දොඩම් රසය පුදුමාකාර ලෙස දැනෙන්න ගන්නවා. ඊට පස්සේ කන කෙනා බලනවා මේ රසය ආවේ කොහොමද කියලා. ඒ රහස ඔස්සේ තමයි කේක් එක හැදෙන්නේ.
කේක් එක සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
කාමර උෂ්ණත්වයේ ඇති බටර් ග්‍රෑම් 60 ක්.
සීනි කෝප්ප බාගයක්.
ලොකු බිත්තර 1 ක්.
වැනිලා තේ හැදි 1 ක්.
ඔරේන්ජ් කෝඩියල් මේස හැදි 2 ක්
පිටි කෝප්ප 1ක්
බේකින් පවුඩර් තේ හැදි 2 ක්
කිරි කෝප්ප තුනෙන් එකක්.
පෙර සූදානම
ඔබේ අවන් එක අංශක 160 ට පෙර උණුසුම් වෙන්න දමන්න. කේක්එක හදන්න ගන්න මොහොතේම එය කරන්න.
අඟල් අටේ අටේ රවුම් කේක් පෑන් එකක් ගන්න. එහි බටර් තවරා අඩියට පාචිච්මන් පේපර් එකක් හෝ තෙල් කඩදාසියක් දමාගන්න. එහි ද යළිත් බටර් තවරන්න. පසෙකින් තබාගන්න.
සාදන ක්‍රමය
බෝල් එකක් ගෙන එයට බටර්, සීනි, වැනිලා, දොඩම් කෝඩියල් සහ බිත්තරය දමන්න. ක්‍රීම් වෙනතුරු බීට් කරන්න.
දැන් පිටි සහ බේකින් පවුඩර් එකට මිශ්‍රකර ටිකෙන් ටික බටර් මිශ්‍රණයට දමන්න.
ඒ දමන අතරවාරයේදී කිරි ටික ටිකද දමන්න.
දැන් මේ කේක් බැටර් එක කළින් සූදානම් කරගත් කේක් පෑන් එකට දමා අංශක 160° එක උෂ්ණත්වයේ විනාඩි 15 ත් 20 ත් අතර කාලයක් බේක් කරන්න. විනාඩි 15 කට පසුව ටූත් පික් ටෙස්ට් එක කරන්න. බේක්වී ඇත්නම් ගෙන වයර් රැක් එක මත තබන්න.
කේක් එක උඩින් සීනි ඉස මද උණුසුම් පිටම කපා තේ සමඟ පිළිගන්වන්න.

