ඌව සහ දකුණු පළාත්වල සිසු හෙද පුහුණුවට අදාළ සම්මුඛ පරීක්ෂණ වලට දින දෙයි

2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන සහ දිනයන් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම – 2025 සඳහා දකුණු පළාතේ දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/10/04 හා 2025/10/05 දිනවල ගාල්ල, මාතර හා හම්බන්තොට හෙද විදුහල් වල දී පැවැත්වේ.

සිසු හෙද පුහුණුවවට බඳවා ගැනීම – 2025 සඳහා ඌව පළාතේ සියලුම දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 2025/10/04 හා 2025/10/05 දිනවල බදුල්ල හෙද විදුහලේ දී පැවැත්වේ.

මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුතු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පෙර දැනුම්දීම් සිදු කළපුද්ගලයින් පමණි.