මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ඔක්තෝම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදුනොවන බවයි සඳහන් වෙන්නේ.
දැනට කිලෝග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර කිලෝග්රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645ක් වනවා.

