තාවකාලික රියදුරු බලපත්‍ර අද සිට නුගේගොඩින්

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී තාවකාලික රියදුරු බලපත්‍ර අද (30) සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) නිවේදනය කරනවා.

ඒ අනුව, බලපත්‍ර අලුත් කරන අයදුම්කරුවන්ට තවදුරටත් වේරහැර RMV කාර්යාලය වෙත ගමන් කිරීමට අවශ්‍ය නොවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම නව පහසුකම මඟින් බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම වනු ඇති බවයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.