ඉන්දුනීසියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවාහි සිදුඅර්ජෝ ප්‍රදේශයේ පිහිටි පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් සිසුන් 38කට අධික පිරිසක් සිරවී ඇතැයි වාර්තා වෙනවා.

පැය 12ක් තිස්සේ ඔවුන් සිරවී සිටින අතර හදිසි ආපදා කණ්ඩායම් සිසුන් ගලවාගැනීමේ මෙහෙයුම්වල නිරත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කොන්ක්‍රීට් තට්ටුවලට යටවූ අයට  ඔක්සිජන් සහ ජලය සැපයීම මේ වනවිට සිදුකරමින් පවතිනවා.

සිසුන් තිදෙනෙක් මිය ගොස් ගොස් තවත් 101 දෙනෙකු රෝහල් ගත කර ඇති බව BBC වාර්තා කරනවා.

එයින් සමරහක් දෙනා බරපතල තුවාල ලබා ඇති අතර මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවටයි බලධාරීන් අනතුරු අඟවන්නේ.