හෙටත් වැසි

බස්නාහිර, සබරගමුව යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එසේම වයඹ සහ ඌව පළාතේ ඇතැම් ස්ථානවලටද වැසි ඇති විය හැක.

වැසිත් සමග ඇතැම් ප්‍රදේශවලට තාවකාලිකව තරමක තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනවා.