කළමනාකරණ සේවා නිලධාරි III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගයට දින නියමවෙයි

2024 (2025) කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය ලබන ඔක්තෝබර් මස 05 වන දින දිවයින පුරා පැවැත්වීමට නියමිතයි.

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ විසින් මේ බව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම විභාගය සඳහා අදාළ ප්‍රවේශ පත්‍ර දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙතින් බාගත කිරීමට හැක.

එසේම මෙම විභාගය සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් ඇත්නම්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ආයතනික විභාග සංවිධාන ශාඛාව පහත සඳහන් දුරකථන අංක ඔස්සේ සම්බන්ධ කර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

011-2785230 / 011-3661244 / 011-3661246

එසේම forex@sitnet.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේද අපේක්ෂකයින්ට විමසීම් සිදුකළ හැකියි.